ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජයේ දේපොළ කිසිදු විදේශ රටකට විකුණන්නේ නැහැ - ධීවර ඇමති

    ඔක්තෝබර් 14, 2017

    මෙරට කිසිදු දේපොළක් විදේශ බහුජාතික සමාගම්වලට විකිණීමට ඉඩ නොතබන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මට්ටක්කුලිය ලංකා ධීවර සංස්ථා පරිශ්‍රයේ දී ඉදි කළ නව ශීතාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. රුපියල් මිලියන 65ක වියදමින්  මෙම මත්ස්‍ය සැකසුම් කර්මාන්ත ශාලාවේ නව ශීතාගාරය ස්ථාපිත කර තිබේ.

    මීට අමතරව මසුන් පැකට් කිරීම හා ඒවා පුද්ගලික වෙළෙඳසැල් වෙත බෙදා හැරීමේ කටයුතු ද අමාත්‍යවරයා අතින් ආරම්භ විය.

    ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ මෙම ශීතාගාරය විවෘත කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලයේ අප ලබාගත් ජයග්‍ර‍ණ රැසක් තිබෙන බව පෙන්වා දුන්නේය.

    ඉන් ප්‍රධාන එකක් තමයි යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමට හැකි වීම,  එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ රටේ මත්ස්‍ය අපනයන ආදායම මෙම වසරේ දී 44%කින් ඉහළ ගොස් තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

    ඒ වගේම GSP+ තහනම ඉවත් කර ගැනීමට හැකිවීමත් නිසා එහි වාසිය ධීවර ප්‍රජාවට ලැබී තිබෙන බවත් රට වටේම මුහුද තිබුනත් අපේ රටට තවමත් මසුන් හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1,20,000ක් පමණ ආනයනය කරයි. මසුන් ආනයනය කිරීම අවම කිරීම අපගේ ඉළක්කයයි. මසුන් ආනයනය පාරිභෝජනය සඳහාම පමණක් නොව ප්‍රතිඅපනයනය සඳහා ද මසුන් ගෙන්වනවා.චීනයට විකුණා තිබු වරාය නගර ව්‍යාපෘතිය බදු පදනමකට හරවා ගැනීමට අපිට හැකි වුනා. එමෙන්ම හම්බන්තොට වරායත්, මත්තල ගුවන් තොටුපොළත් විදේශ රටවලට විකුණන්නේ නැහැ. ඒවා යහපත් කළමනාකරණයක් යටතේ ආදායම් ඉපයීම සඳහා බදු දෙනවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya