ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට

    ඔක්තෝබර් 15, 2017

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම  (ඔක්තෝබර් 13)  සිදු කෙරිණි.

     

    ඒ අනුව, සැප්තැම්බර් මස 30 වන දින සිට මේ දක්වා, මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවන් අතුරින් යාත්‍රා 26 ක් ඉන්දියානු රජය වෙත භාර දී ඇත.

    රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවන් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන ‘රාණි ගයිදින්ලිව්’ වෙත භාර දීම මෙලෙස සිදු විය. මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 406 වේග ප්‍රහාරක යාත්‍රාව උපයෝගී කර ගන්නා ලදි.

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya