ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කදුරට උරුමය සුරැකීමේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් නම් කරයි

    ඔක්තෝබර් 16, 2017

    සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයට මෑතක දී එක් කරන ලද කදුරට උරැමය සුරැකීම පිළිබඳ විෂය සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති ලෙස මධ්‍යම පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ලේකම් ඊ.එච්.එම්.පාලිත ඇල්කඩුව මහතා පත්කර තිබේ.

    අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පසුගියදා  අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේ දී අදාළ පත්වීම් ලිපි ප්‍ර‍දානය කරන ලදී.

    කදුරට උරුමය සුරැකීම සදහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් පරිදි වේ.

     පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමිපාණන්, ඊ.එච්.එම්.පාලිත ඇල්කඩුව ( සභාපති ) , එල්.ආර්.බී.දිසානායක ( උප සභාපති ) , අධ්‍යක්ෂවරුන් ලෙස නීතිඥ හරේන්ද්‍ර‍ දුනුවිල , මහාචාර්ය සී.එච්.මද්දුම බණ්ඩාර , ආචාර්ය චූලනී රඹුක්වැල්ල , නීතිඥ චන්ද්‍ර‍සිරි සෙනවිරත්න , කිත්සිරි පතිරණ , අමිල සම්පත් බණ්ඩාර බෝගහවෙල බෝගොඩවත්ත ,

    පත්වීම් ලිපි ප්‍ර‍ධානය කිරීමේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ශිරාණි වීරකෝන් මහත්මිය , අතිරේක ලේකම් සමන් උඩවත්ත මහතා ඇතුළු ආයතන ප්‍ර‍ධානින් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya