ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් යාපනයේදී

    ඔක්තෝබර් 16, 2017

    විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (16) සහ හෙට(17) යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවලදී ආරම්භ කෙරිණි.

    මෙහිදී ස්ථාන පරීක්ෂා කිරීම් හා නිවැරදි කිරීම හා වැරදිකරුවන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම් සිදුකරනු ලැබේ.

     

    යාපනයේ ප්‍රාදේශීය වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  ජී.රජීව් මහතා ප්‍රකාශ කළේ, මහජන ඇමතුම් පද්ධති මඟින් ජනතාව දැනුවත් කිරීම සිදු කරන බවත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කමිටු පිහිටුවනු ලබන බවත්ය.

     

    ඒ අනුව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ දින 2කට වැඩි කාලයක් උණ ඇති විට රජයේ රෝහල්වලට ගොස් රුධිර පරික්ෂණ සිදුකර ගත යුතු බවයි.

     

    යාපනය දිස්ත්‍රික්කයේ මෙම මාසය තුළ ඩෙංගු මරණ 2 ක් වාර්තා වී ඇත. ඉන් ඒක මරණයක් පාසල් දරුවෙකි. එමෙන්ම ඩෙංගු රෝගීන් 250 ක් දැනට හඳුනාගෙන ඇති බව ද රජිව් මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මේ අවස්ථාවට හමුදාව, පොළිසිය ඇතුළු නිළධාරීන් 250ක් පමණ පිරිසක් සහභාගී වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya