මෙම මෝරුන් විශේෂය ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ඇල්ලීමට තහනම් දුර්ලභ විශේෂයක් බවට නම් කොට ඇත. කිලෝග්‍රෑම් 170 ක් පමණ බරකින් යුක්ත එම මෝරා සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කොට ඇත.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ඔක්තෝබර් 11 සහ 12 යන දෙදින පාලකුඩා කළපු ප්‍රදේශයේ සහ කරෙයිතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 5 ක්, තහනම් දැල් (තංගුස්) 6 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 13 ක් පමණ අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයතු කෙරිණි.
Source- SL Navy