මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    වසරේ මහ බැංකු අධිපතිවරයා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

    ඔක්තෝබර් 17, 2017

    ජනප්‍රිය ප්‍රකාශන ආයතනයක් වන Global Capital විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුය නිවේදනය කර ඇත.

    ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාර හා සමගාමී ව පසුගිය දා වොෂින්ටන්ටනයේ දී පැවැත් වූ Global Capital Markets සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

     

    Global Capital යනු ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ප්‍රවෘත්ති, උපදෙස් සහ දත්ත ලබා දෙන සේවාවකි.

     

    ''මහ බැංකුකරණය වෙත නිවුණු, සන්සුන්, සාමුහික ප්‍රවේෂයක්'' යන මාතෘකාව යටතේ Global Capital වෙබ් අඩවියේ පසුගියදා ලිපියක් පළ කරන එලියට් විල්සන් සිය ලිපිය ආරම්භ කරමින් "දකුණු ආසියාව යනු උසස් හැකියාවන්ගෙන් යුත් මහ බැංකු ප්‍රධානීන් රැසකගෙන් සමන්විත කලාපයක් නමුදු මෑත අතීතයේදී සිය වෘත්තීයමයභාවය නොමසුරුව ප්‍රකට කරමින් රළු දියඹ තරණය කරන ශූර යාත්‍රිකයකු සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම රට ඉදිරියට රැගෙන යෑමට කටයුතු කළ ආචාර්ය කුමාරස්වාමි මෙම සම්මානය සඳහා අත්‍යන්තයෙන් ම සුදුසු බව" බව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya