ඒ මහතා මෙම අදහස් පළ කලේ මරදන්කඩවල කිරි ගොවියන් 300 ක ගේ පමණ සහභාගිත්වයෙන් පැවති කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත‍්‍යවරයා,
අපි තවම නිෂ්පාදනය කරන්නේ අපේ කිරි අවශ්‍යතාවයෙන් 12% ක් පමණයි . ඒ ප්‍රමාණයෙන් 85% ක් සපුරාලන්නේ දිනකට කිරි ලීටර 1- 3 ත් අතර ගන්න සුළු පරිමාණ කිරි ගොවියන්ගෙන්. ඒ නිසා ඔවුන් නඟාසිටුවීම තුලින් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් ඔවුන්ට සැදෑසමයේ රැකවරණය සලසා දීම සඳහා විශ්‍රාම වැටුපක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.
එමෙන්ම නොයෙකුත් කටයුතු සදහා අත්පත් කරගෙන ඇති තෘණ භුමි නිදහස් කර ගෙන සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
සුලු පරිමාණ කිරි ගොවියන් සඳහා මේ වසර ඇතුලත කිරි දෙනුන් ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වා ගොවීන් අතර බෙදා දීමට සැලසුම් කරල තියෙනව. වියලි කාලගුණයක් පවතින ප්‍රදේශ වලට ගැලපෙන කිරි ගවයින් පාකිස්ථානයෙන් ලබා ගන්න පාකිස්ථාන ආණ්ඩුවත් සමග අපි සාකච්ඡා කරල තියෙනවා. ඒ අනුව එළ හරක් 8000 ක් හා මී හරක් 2000 ක් ලබා ගන්න හැකිවේයැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට මිල්කෝ ආයතනයෙහි සභාපති කිර්ති මිහිරිපැන්න හා ජාතික පශු සම්පත් මණ්ඩලයේ උප සභාපති ජේ.සෝමචන්ද්‍ර ජයකොඩි යන මහත්වරුන්ද සහභාගි වුහ.