රත්නපුර, මෙරුකන්ද වත්ත ප‍්‍රදේශයේ පදිංචි එස්.කේ.චන්ද්‍රලේඛා මහත්මිය 2016 වසරේ අපේ‍්‍රල් මස 18 වන දින ගෘහ සේවිකාවක වශයෙන් සෞදි අරාබියට ගොස් ඇත. එරට සේවය කරමින් සිටියදී 2017 මැයි මාසයේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ නායයෑම හේතුවෙන් ඇයගේ සැමියා හා දරු දෙදෙනා මියගොස් තිබේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැන ගත් අමාත්‍යවරිය විසින් රියාද් තානාපති කාර්යාලය වෙත ඇය කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇත. ඒ වන විට ඇයගේ සේවා කාලය ඉක්මවා නොතිබීම හේතුවෙන් ඇයව දිවයිනට ගෙන්වා ගැනීමට තානාපති කාර්යාල නිළධාරීන්ට විශාල දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවිය.
නමුත් ඇමතිතුමියගේ රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත්වීම හා තානාපති කාර්යාල නිළධාරීන්ගේ දැඩි කැපවීම මත චන්ද්‍රලේකා මහත්මිය දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදී.
ඒ අනුව ගිවිසුම් කාලය ඉක්මවීමට මාස 6කට පෙර ඇය ඔක්තෝම්බර් මස 13 වන දින දිවයිනට පැමිණියාය.