නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට(18) මෙම ගම්මානය ජනතා අයිතියට පැවරේ.
නව නිවාස 98 කින් සමන්විත "අශෝකපුර ගම්මානය" ඉදිකිරීම ඇරඹුණේ 2016 වසරේ මැයි මස 18 වනදාය. නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වු උදා ගම්මානයකි.