මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි - ඇමති රිෂාඩ් බදියුදීන්

    ඔක්තෝබර් 17, 2017

    සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි. සිහිනයක් වී තිබුණ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය අපි සැබෑවක් කළා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හෝමාගම දියගම මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත තාක්ෂණ ආයතනයේ ශ්‍රවණාගාරය "ආචාර්යය ටී.ඒ.ජී. ගුණසේකර ශ්‍රවණාගාරය" ලෙස නම් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

     

    මෙම උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී පැවැත්විණි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    මමත් මේ ආයතනයේ ආදී ශිෂ්‍යයෙක්. මෙය ඉදිකිරීම සිහිනයක් වෙලා තිබුණා. ආචාර්යය ටී.ඒ.ජී.ගුණසේකර මහතාගේ මැදිහත්වීමෙන් මෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න හැකිවුණා. වසර දෙකක් වැනි කාලයකදී මෙහි ඉදිරකිරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වුණා. අපේ කැපවීම අද වන විට ඵලදායී සමාජ මෙහෙවරක් බවට පත්වෙලා තියනවා. එය සතුටට කරුණක්.මේ ආයතනය ඉදිරිකිරීම සඳහා කැප වූ සියලු දෙනාටම ස්තූති කරනවා. මේ ආයතනය දියුණු කිරීම සඳහා ටී.ඒ.ජී. ගුණසේකර මහතා විශාල කැපකිරීමක් කරනවා. එතුමා දැනටමත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස මිල කළ නොහැකි සේවාවක් කරනාවා.

     

    මෙම අවස්ථාවට ආදී ශිෂ්‍යයෙකු වූ වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, මොරටුව විශ්වවිද්‍යාලයේ උසස් නිළධාරීන් සහ ආදීශිෂ්‍යයන් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya