ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත්දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායකයින්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගෙන් 70%ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන අතර මෙරට ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 52%ක් උපයා දෙන්නේ ඔවුන් විසින් බවද මෙහිදී සඳහන් කළ ඇමතිවරයා මෙසේ සම්මාන උළෙල පවත්වා ඔවුන් දිරිමත් කිරීම ඉතා වැදගත් බවද කීය.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මඟින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේද සහාය ඇතිව පවත්වනු ලැබූ මෙම "ව්‍යවසායකයින්ට සම්මාන 2017 - බස්නාහිර පළාත" සම්මාන උළෙලේදී බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර, සුළු, මධ්‍යම හා විශාල පරිමාණ ව්‍යවසායකයින් 20 දෙනෙකුට සම්මාන ප්‍රදානය කෙරිණි.
කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමති චම්පිකා ප්‍රේමදාස, එම අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා විජයබණ්ඩාර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඕමාර් කාමිල් , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර යන මහත්ම මහත්මීහුද මෙහිදී කතා කළහ.