මරදන්කඩවල ප්‍රදේශයේ කිරි ගොවීන් 300කගේ පමණ සහභාගීත්වයෙන් පැවති කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පසුගියදා අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ අප තවම නිෂ්පාදනය කරන්නේ අපගේ කිරි අවශ්‍යතාවයෙන් 12%ක් බවයි. එම ප්‍රමාණයෙනුත් 85%ක කිරි සුළු පරිමාණ කිරි ගොවීන්ගෙන් ලබ ගන්නා බවත් මේ නිසා ඔවුන් නගා සිටුවීම තුළින් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඔවුන්ට සැඳෑ සමයේ රැකවරණය සැළසීම සඳහා විශ්‍රාම වැටුපක් ලබා දීමටත් පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.
නොයෙකුත් කටයුතු සඳහා මේ වන විට අත්පත් කරගෙන ඇති තෘණභූමි නිදහස් කරගෙන සංවර්ධනය කිරීමට ද තම අමාත්‍යංශය විසින් පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා සුළු පරිමාණ කිරි ගොවීන් සඳහා මේ වසර ඇතුළත ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් කිරි දෙනුන් ගෙන්වීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට ගැලපෙන කිරි ගවයින් ලබා ගැනීම සඳහා මේ වන විටත් පාකිස්ථානු රජයත් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, ඒ අනුව එළ හරක් 8,000ක් සහ මී හරක් 2,000ක් ලබා ගැනීමට හැකි වෙතැයි තමා බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මිල්කෝ ආයතනයෙහි සභාපති කීර්ති මිහිරිපැන්න, ජාතික පශු සම්පත් මණ්ඩලයේ උප සභාපති ජේ.සෝමචන්ද්‍ර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.