ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ශීෂ්‍යබට කණ්ඩායමක් මෙරට සංචාරයක

    ඔක්තෝබර් 20, 2017

    සාර්ක් රටවලට අයත් විදේශීය ශිෂ්‍යභට කණ්ඩායමක් අද (20) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්ථානය යන රටවලට අයත් මෙම විදේශීය ශිෂ්‍යභට කණ්ඩායම නිලධාරීන් 15 දෙනෙකුගෙන් සහ ශිෂ්‍යභටයින් 60 දෙනෙකුගෙන් සමන්විත විය.

    ආරක්‍ෂක අමාත්‍යංශ සංචාරයේදී මෙම ශිෂ්‍යභට කණ්ඩායම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර මහතා හමුවිය. විදේශීය ශිෂ්‍යභටයන් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වරයා සුහද කතාබහක නිරත වූ අතර එම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිලිණද හුවමාරු කරගන්නා ලදී.

    ජාතික ශිෂ්‍යභට බලකාය සංවිධානය කළ තරුණ හුවමාරු වැඩසටහන යටතේ මෙම විදේශීය ශිෂ්‍යභට කණ්ඩායම මෙරට සංචාරයක් සඳහා එක්ව සිටින අතර ඔවුන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයෙහි පැවති වාර්ෂික හර්මන් ලූස් කඳවුර සඳහාද ඊයේ (19) සහභාගි වූහ.

    අතිරේක ලේකම් (ආරක්‍ෂක) ආර්. එම්. එස්. සරත් කුමාර මහතා, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ. කේ. පි. වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya