ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සතොස කැඩුනු සහල් පරිභෝජනයට සුදුසුයි - සතොස සභාපති

    ඔක්තෝබර් 20, 2017

    සතොස මගින් මෑතක සිට ආනයනය කිරීමට කටයුතු කළ කැඩුනු සහල් (BROKEN RICE) මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් ඒවා සත්ත්ව ආහාර සඳහා සුදුසු බවටත් ඇතම් පිරිස් ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන විට එම සහල් සඳහා පාරිභෝගිකයින්ගේ ඉල්ලීම බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බවයි.

     

    සතොස ප්‍රධාන කර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී  ඊයේ (190  ඔහු මේ බව සඳහන් කළ අතර මෙරටට ආනයනය කරනු ලබන සියලුම සහල් වර්ග නිසි ක්‍රමවේදයක් යටතේ පරීක්ෂා කෙරෙන බව ද පෙන්වා දුන්නේය.

     

     මෙම “කැඩුනු සහල්“ ලෙස හඳුන්වන සහල් විශේෂයද එලෙසම පරීක්ෂාවට ලක්ව මෙරටට පැමිනෙණ බැවින් එම සහල් වල ප්‍රමිතිය පිළිබඳව හෝ ගුණාත්මක භාවය පිළිබඳව කිසිදු බියක් පාරිභෝගික ජනතාව ඇතිකරගතයුතු නැතැයිද  සභාපතිවරයා සඳහන් කරයි.

     

    මෙම කැඩුනු සහල් කිලෝව රුපියල් හැටක (60) මිලකට දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛා වලින් හිඟයකින් තොරව ලබාගතහැකි බවත් ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා වැඩිදුරටත්  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya