දුම්රිය මාර්ගවල සිදුවන මරණ හා අනතුරු අවම කිරීම සඳහා දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්ථිත පුවරු සවිකිරීමේ පළමු වැඩසටහන, අද (20) නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ දී පැවැති අතර එහිදී ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම වැඩසටහන අමාත්‍යවරයාගේ ඇගයීමට ද ලක්විය.
දුම්රිය ගේට්ටු පිළිබඳ අනවධානයෙන් කටයුතු කළ විට රු.25,000ක දඩයක් නියම කිරීමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට කටයුතු කරන බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ කොතෙකුත් නීති පැනවුවත් ඒ පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් විය යුතු බවයි.
මේ අවස්ථාවට සහභාගී වෙමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති එස්.කෝදාගොඩ මහතා සඳහන් කළේ ලංකාවේ සියලුම අනාරක්ෂිත දුම්රිය ස්ථාන හා ගේට්ටු අවට දැනුවත් කිරීමේ පුවරු මේ වන විට ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කළ ඇති බවත් ඉදිරියේ දී ලංකාවේ සියලුම ස්ථානවල ඒ කාර්ය සිදු කරන බවත්ය.
මේ අවස්ථාවට ආලියන්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුරේකා අලස් මහත්මිය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.