දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අධික වර්ෂාව මෙන්ම භූමිය අවිධිමත් පරිදි භාවිතා කිරීම නිසා බෑවුම් අස්ථාවර වීමෙන් ඇතිවන නාය යාම් තත්ත්වය මෙරට කඳුකර ප්‍රදේශවල සුලභ සංසිද්ධියක් බවට පත්ව තිබේ.
මෙම නාය යෑම් අවධානම කළමනාකරණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා අනෙකුත් රජයේ ආයතන විසින් විවිධ වැඩසටහන් ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබයි.
නාය යෑමේ අවදානම් කල්තියා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ භාවිතය, බෑවුම් ශක්තිමත් කිරීම, භූමිය මත හා භූගත ජලය ගලා යෑම කළමනාකරණය, පෙර සූදානම හා පුහුණු කිරීම, දැනුවත් කිරීම, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීම ඇතුළු අපදා අවම කිරීමේ පියවර රැසක් මෙහිදී ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
මෙම යෝජනාව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.