ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ජංගම ලොරි මඟින් හෙට සිට

    ඔක්තෝබර් 21, 2017

    පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට අලෙවි කිරීමේ ජංගම ලොරි රථ සේවාවක් දිවයිනේ විවිධ ස්ථාන කිහිපයක හෙට (22) සිට ක්‍රියාත්මක කිරීමට සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින්   කටයුතු කොට ඇත.

    මෙය හෙට දිනයේ  වවුනියාව, මාතර, නුවර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වීමට නියමිතය.

    මීට අමතරව ගම්පහ, රාගම, මරදාන, කොළඹ කොටුව දුම්රිය ස්ථානවල ලබන සඳුදා සිට සිකුරාදා දක්වා සහ සෙනසුරාදා දිනවල වේයන්ගොඩ, රාගම, මහරගම, කිරිබත්ගොඩ නගරයේ හා ඉරිදා දිනවල මිනුවන්ගොඩ, ගනේමුල්ල, හෝමාගම, දෙල්කඳ  සතිපොළවල් තුළ මෙම සේවාව සිදු කෙරේ.

    පසුගියදා රැස් වූ ජීවන කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

    මෙය කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya