ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉඩමට සින්නක්කර ඔප්පුවක් ලබාගැනීමේ අයිතියට සහයෝගය ලබාදෙමු

    ඔක්තෝබර් 22, 2017

    ජනතාවට තිබෙන ප‍්‍රධානතම ගැටලූව වන්නේ තමන්ගේ ඉඩමට සින්නක්කර ඔප්පුව ලබා ගැනීමට තිබෙන අවශ්‍යතාව බවත් ඒ සඳහා ඒ අයිතිය ලබාදීමට සැවෝම සහාය ලබාදෙමු යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරය මෙසේ පවසා තිබේ.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා.

    සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන අනුරාධපුර දිස්ති‍්‍රක්කය තුළ හොද ඉලක්කයකට යන්න පුථවන් කියා මට හිතෙනවා. දැනටමත් දක්වලා තියෙන සහයෝගය ඉතා ප‍්‍රශංසනියයි. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මේ වැඩ පිළිබදව ඉතා උනන්දුවෙන් කටයුතු කරලා තියෙනවා.

    එක එක කාලවල තියෙනවා ඒ ආණ්ඩුව තියෙන කොට මේ ආණ්ඩුවේ අයට බැහැ. මේ ආණ්ඩුව තියෙන කොට ඒ පැත්තේ අයට බැහැ. ඒවා බැහැ මේකේ මේවායේ ඒවා නැහැ. අපි සියලු දෙනාම මනුස්සයෝ කියලා හිතේ තියාගනෙ ඒ අයගේ අයිතිය ලබා දීම සදහා අපි සහයෝගය ලබා දෙමු කියන ඉල්ලීම තමයි මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ.

    ජනතාවගේ ප‍්‍රධානතම ගැටලූව තමයි තමන්ගේ ඉඩමට සින්නක්කර ඔප්පුව ලබා ගැනීම. අපි සියලු දෙනාම ඒ සඳහා උදව් උපකාර කළ යුතුයි. අපේ දිස්ත‍්‍රික්කයටත් ප‍්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමිය අපිව උනන්දු කරලා අද ඒ වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා.

    මේ කටයුත්ත සේවාවකටත් වැඩිය පිං ලැබෙන කටයුත්තක් කියලා මට හිතෙනවා. අපි ඔක්කොම එකතු වුනාම ලක්ෂ සංඛ්‍යාත පිරිසගේ හිත් සතුටු කරන පුණ්‍ය කර්මය සිදු කළ හැකියි.

    ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම ගමගේ, අනුරාදපුර දිස්ති‍්‍රක් අතිරේක දිසාපති කීර්ති ගමගේ, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, රජයේ මිනුම්පති පී.එම්.පි උදයකාන්ත මහත්ම මහත්මීහු සමගින් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරුන් සම`ග මහජන නියෝජිතවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya