ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මිල අධික ඖෂධවල මිල අඩු කිරිමට සුව ඇමැති සැරසෙයි

    ඔක්තෝබර් 23, 2017

    මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ මාෆියාව බිද දමා ඖෂධ මිල පාලනයට වත්මන් රජය ක්‍රියාත්මක වී ඊයේ (22) දිනට වසරක් සම්පූර්ණ වෙයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව සකස් කළ ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගත් පසු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරන ලදි.

    සේනක බිබිලේ ගුණ සමරුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ මිල අඩු කිරිම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදි.

    රෝගී ජනතාව දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘද රෝග වැනි රෝග සදහා වැඩි වශයෙන් භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ වර්ග වල මිල මෙහිදී අඩු කරන ලදි. මෙම ඖෂධ වර්ග 48 තුල විවිධ වෙළෙද නාම 300 ක මිල මෙහිදී අඩු වී ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් මිල අඩු කිරිම, අක්ෂි කාච මිල අඩු කිරිම ඇතුලු සහන රැසක් ජනතාවට ලබාදෙන ලදි. ඉදිරියේ දී පිළිකා වැනි රෝග වලට භාවිත කරන මිල අධික ඖෂධවල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීම තම අරමුණු බව ප්‍රකාශ කරන සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මාෆියාව සමග සටන් කිරීමේ දී විවිධ බලපෑම් ද එල්ල වූ බවයි. ඖෂධ සමාගම් සහ දෙස් විදෙස් තානාපති කාර්යාල විසින් එම බලපෑම් එල්ල කෙරුනි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය, පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ කුඩා පරිමාන ඖෂධ ආනයනකරුවන් විශාල සහයෝගයක් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.


    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග වල මිල අඩු කිරීමෙන් දිළිදු ජනතාව සහ විශ්‍රාමිකයින් විශාල සහනයක් ලබන අතර, ඔවුන් වෛද්‍ය වට්ටෝරුවට අනුව ඖෂධ ලබාගැනීමට ද පෙළඹී ඇත. චීන රජය විසින් ඖෂධ තත්ත්ව පරික්ෂණාගාරයක් ජතික ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමට නියමිතය. එම පර්යේෂණාගාරය ලැබනු පසු ඖෂධ වෙළෙද නාමයෙන් රෝගීන්ට ලිවීම තහනම් කර ඖෂධ ඖෂධීය නාමයෙන් පමණක් ලිවීම ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ 2019 වර්ෂය අවසන් වන විට මෙරටදීම නිෂ්පාදනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩපිළිවෙළක් දියත් කර ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව දෙස් විදෙස් සමාගම් 38 ක් සමග ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව කර්මාන්ත ශාලා දෙකක් හොරණ සහ මහනුවර ප්‍රදේශවල ස්ථාපිත කර මේ වනවිට ඖෂධ නිෂ්පාදනය ආරම්භ කර තිබේ. ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුව රෝගීන්ට ලබා දී ඇති සහනය කිසියම් පුද්ගලයෙකුගේ ෆාමසියක් විසින් උල්ලංගණය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 132 වගන්තියට අනුව නීතිමය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.


    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘද රෝග ප්‍රතිජීවක ඖෂධ වල මිල අඩු වූ ආකාරය දැක්වෙන සටහනක් ද මේ සමග යොමු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya