ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පැල සිටුවීමට පොලීසියත් එක්වෙයි

    ඔක්තෝබර් 23, 2017

    ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය  මඟින් සංවිධානය කළ භෝග පැල සිටුවීමේ වැඩසටහන නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  බම්බලපිටිය, පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන පරිශ්‍රයේදී  ආරම්භ විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන "යළි අපි නැගිටිමු - අටු කොටු පුරවමු" ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.


    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ සහභාගීත්වයෙන්සිදුකෙරිණ.

    පසුගිය කන්න කිහිපය තුළ පැවැති නියං තත්ත්වය හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි පසුබෑමකට ලක්ව ඇත. එම පසුබෑම මගහරවා ගනිමින් 2017/2018 මහ කන්නය ආහාර නිෂ්පාදනය තුළ නව ප්‍රබෝධයක් ඇතිකිරීමේ අවශ්‍යතාව මතුව ඇත. ඒ සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ඊට අනුබද්ධ සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, ගොවි ප්‍රජාව මෙන්ම පෞද්ගලික අංශයේද දායකත්වයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා විසින් දෙන ලද උපදෙස් මත මෙම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වේ. මෙම ජාතික වැඩසටහනට ශක්තියක් වෙමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ පැළ සිටුවීමේ වැඩසටහන ක්‍රියාවට නගනු ලබයි.

    රාජ්‍ය අංශයේ විශාල ශ්‍රම බලකායක් ඇති නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙම කාර්ය සදහා පුළුල් දායකත්වයක් ලබාදෙමින් ඉදිරියේදී ලංකාව පුරා විසිරී ඇති පොලිස් ස්ථානවල මෙහෙයවීමෙන් පැළ සිටුවීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පොලිස් ස්ථානවල වගාකිරීමට ඉඩ පහසුකම් ඇති භූමි බාගවල ගෙවතු වගාවන් ආරම්භ කිරීම හා ඒවා පවත්වාගෙන යාම, සියලු නිලධාරීන් විසින්ම අවම වශයෙන් ආහාරමය වටිනාකමක් සහිත එක් පැළයක් බැගිවන් වත් සිටුවීමට දිරිගැන්වීම, යහපත් ආහාර පාරිභෝජන රටා සහ ආහාර නාස්තිය අවම කිරීම පිළිබදව සේවකයින් දැනුවත් කිරීම මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya