ගුවන ජය ගැනීමට අසීරු පුහුණුවක් සිදු කළ මෙම විරුවන් පාඨමාලාවේ සියලුම අභියෝග ජය ගැනීමට සමත් වූ අතර රාත්‍රී කාලයේදී සතුරු කදවුරක් වෙත පැරෂුටි අධාරයෙන් පිවිසීමට විශේෂ පුහුණුවක්ද ලබා ගැනීමට සමත්විය. තවද විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව හැදෑරු විරුවන් ගොඩබිම, ගුවන සහ දියඹේ ඇති ඕනෑම ක‍්‍රියාන්විතයකට මුහුණ දිය හැකි අයුරින් දීර්ඝ කාලීන අති දුෂ්කර පුහුණුව ලද අතර දේශීය විදේශීය ප‍්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.
මෙම පැරෂුට් පාඨමාලා 02 සඳහා ගුවන් 03, යුධ 03, පොලිස් විශේෂ කාර්ය බලකා 01ක් වශයෙන් ති‍්‍රවිධ හමුදා නිළධාරින් 07 දෙනෙක් ද ගුවන් 62, නාවික 04, යුධ 01, පොලිස් විශේෂ කාර්ය බලකා 03 දෙනෙක් වශයෙන් ත්‍රිවිධ හමුදා සෙසු නිළයන් 70 දෙනෙකු සහ අංක 04 විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව හැදැරූ නිළධාරින් 02, ගුවන් භටයන් 45 දෙනෙකු වශයෙන් ගුවන් හමුදා සාමාජිකයින් 47 දෙනකු සහභාගී වූහ.
විසිරයාමේ පෙළපාලිය විචිත‍්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා ස්කයි ඩයිවර්ස් විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 8000ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කළ සුවිශේෂී පැරෂුට් පිම්, ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ඉදිරිපත් කරන ලද සරභ හා තූර්යවාදන සංදර්ශනය ද විශේෂත්වයක් ගන්නා ලදි.
අංක 34 මුලික පුහුණු පැරෂුට් පාඨමාලාවේ දක්‍ෂතම පැරෂුට් භටයා ලෙස 29149 කෝප‍්‍රල් නිශාන්ත කේ පී ද අංක 35 මුලික පුහුණුපැරෂුටි පාඨමාලාවේ දක්‍ෂතම පැරෂුට් භටයා ලෙස 31626 කෝප‍්‍රල් අබේකෝන් ආර්. එස්. කේ. නම් කෙරේ.
මෙම විසිරයාමේ පෙළපාලියට සමගාමිව අම්පාර ගුවන් හමුදා කඳවුරේ නව සරඔ පිටියක් විවෘත කිරීමද ගුවන් හමුදාධිපති විසින් සිදු කරන ලදි.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එච්.ඩබ්.ආර් චන්දිම, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරි ස්කොඩ්‍රිරන් ලීඩර් සීඑස් පියසුන්දර යන නිළධාරීන් ත‍්‍රිවිධ හමුදාවේ සහ ශ‍්‍රී ලංකා පොලීසියේ උසස් නිළධාරීන්ද විසිර ගිය පැරෂුට් භටයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.