කටාර් රාජ්‍ය ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන පෙලේ රටකි.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා කටාර් රාජ්‍ය සමඟ සබඳතා පැවැත්වීමේ වැදගත්කම සළකා බලමින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1976 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා ශක්තිමත් වී තිබේ.
නුදුරු දිනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් රාජ්‍යයේ සිදු කිරීමට යෝජිත නිල සංචාරය අතරතුරදී මෙම සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
කටාර් රාජ්‍ය සමඟ පුහුණු, පර්යේෂණ වැඩසටහන් ඒකාබද්ධව පැවැත්වීමේ අරමුණින් යුක්තව සිදු කරනු ලැබූ අනෙක් යෝජනාව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් ඉදිරිපත්කර ඇත.