ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා ලැබුණු අතර පළාත් පාලන ආයතන මඟින් පාලනය වන මෙම වෙළඳ සංකීර්ණ වාණිජ ඉඩකඩ සපුරාලීම සඳහා වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට මෙහිදී යෝජනා වී ඇත.
කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව හා කටුබැද්ද නගරවල මධ්‍යයේ පිහිටා ඇති සැලකිය යුතු භූමි ප්‍රමාණයක් භාවිතා කරමින් ඉදිකර ඇති පොදු වෙළඳ සංකීර්ණවලින් වැඩි ප්‍රමාණයක් ඉතා නොදියුණු හා අබලන් තත්වයේ පවතින බව හඳුනාගෙන ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ පළාත් පාලන ආයතන එක්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා හා වූ මෙම ව්‍යාපෘතිය මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.