ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තිරසර සංවර්ධන අරමුණු ක‍්‍රියාකාරී වැඩසටහන දියත් කෙරේ

    ඔක්තෝබර් 24, 2017

    එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සමග හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින්, අද (24) දින කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘තිරසර සංවර්ධන අරමුණු ක‍්‍රියාකාරී වැඩසටහන’ දියත් කළේ ය.

    දරිද්‍රතාව අවසන් කිරීම, පාරිසරික ආරක්ෂාව සහ සියල්ලන් වෙනුවෙන් සමෘද්ධිමත් භාවය සහතික කිරීම සඳහා 2015 දී රටවල් විසින් නව තිරසර සංවර්ධන න්‍යාය පත‍්‍රයක කොටසක් ලෙස තිරසර සංවර්ධන අරමුණු (සාමාන්‍යයෙන් ‘ගෝලීය අරමුණු’ ලෙස හැඳින්වේ) මාලාවක් සම්මත කර ගැනිණ. මෙම සෑම අරමුණක් යටතේ ම 2030 වන විට සපුරා ගත යුතු විශේෂිත ඉලක්ක ඇත.

     

    මෙම අරමුණු කරා ළඟා වීමට නම් රජයන්, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ මහජනතාව යන සෑම කෙනෙකු ම තමන්ගේ වැඩ කොටස ඉටු කළ යුතු ය.

     

    72 වන එක්සත් ජාතීන්ගේ දිනය සමරමින් මෙම වසරේ දී ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය හැටන් නැෂනල් බැංකුව සමග හවුල්කාරිත්වයකට එළඹෙමින් ‘තිරසර සංවර්ධන අරමුණු ක‍්‍රියාකාරී වැඩපිළිවෙල’ දියත් කිරීම සඳහා එකට එක්ව ඇත්තේ මේ නිසයි.

     

    "මෙය තම ප‍්‍රජාවන් තුළ තිරසර සංවර්ධන අරමුණු පදනම් කර ගත් ව්‍යාපෘතියක් සැලසුම් කර ක‍්‍රියාත්මක කිරීම සඳහා රට පුරා සිසුන් පුහුණු කිරීමේත් දිරි ගැන්වීමේත් වැඩසටහනකි."

     

    ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍යය අමතමින් මෙසේ ප‍්‍රකාශ කළේ ය: "අධ්‍යාපනය තමයි අනෙක් තිරසර සංවර්ධන අරමුණුවලින් බොහොමයක් ඉටු කර ගන්න මාර්ගය වෙන්නෙ. මේ වැඩපිළිවෙල, රටේ ඉදිරි ගමනට උදව් කරන්න ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරට උගන්වාවි, ඒ වෙනුවෙන් ඔවුන් බල ගන්වාවි."

     

    2030 සංවර්ධන න්‍යාය පත‍්‍රය ඉටු කර ගැනීමේ දී තරුණ පරපුරේ වැදගත්කම අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය මෙසේ ප‍්‍රකාශ කළා ය: "අපට අවශ්‍ය කරන්නේ ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුර තිරසර සංවර්ධන නායකයන් විදියට ක‍්‍රියාකාරීව සම්බන්ධ කර ගන්න. එහෙම නැතුව අපට 2030 වෙන කොට තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගන්න පුළුවන් වෙන්නෙ නෑ."

     

    මෙම වැඩපිළිවෙල ශ‍්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිසුන්ගේ මූලිකත්වයෙන් කෙරෙන මුල පිරීම්වලට සහාය දෙන අතර එහි දී තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව සිසුන්ට පුහුණුව ලබා දෙනු ඇත, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. සිය තිරසරතා ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම සඳහා මූලික අරමුදල් හා උපදෙස් සම්පාදනය කරමින් දිවයින පුරා ප‍්‍රදේශවලින් තෝරා ගැනෙන පාසල් ව්‍යාපෘති 25ක් බල ගන්වනු ඇත.

     

    මෙම අවස්ථාවට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, එක්සත් ජාතීන්ගේ සන්නිවේදන කණ්ඩායමේ සභාපති සහ ජගත් කම්කරු සංවිධානයේ දේශීය අධ්‍යක්ෂ සිම්රින් සිං,හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ඩිල්ෂාන් රුද්‍රිගු යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya