ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති "නාඩු" සහල් මෙට්ටි්රක් ටොන් ලක්ෂයෙන්, මෙට්ටි්රක් ටොන් දසදහසක් (10,000) මේ වන විට දිවයිනට ලැබී ඇති බවත්, එම සහල් තොග සතොස තොග ගබඩාවට ගෙනවිත් ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
එම සහල් තොග දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් වෙත බෙදා හැරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.
ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම නාඩු සහල් කිලෝවක් රුපියල් 74ක මිලකට අලෙවි කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීවේය.