කතානායකවරයා වෙත පක්ෂ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන් විවිධ පාර්ශවයන් විසින් කරනු ලැබූ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්මින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක කර තිබූ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බැවින්, මේ පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් දිගින් දිගටම කතානායකවරයාගේ අවවධානයට යොමු කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව පිළිබඳව පළ කර ඇති මෙම තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින් හෝ සුළුවෙන් නොකතන ලෙස ද එම සෑම පාර්ශවයක් විසි න්ම කතානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.