මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථා සම්පාදනයට තවම කෙටුම්පතක් නෑ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

    ඔක්තෝබර් 25, 2017
    නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස සකස් කළ කෙටුම්පතක් තවම සකස් කොට නොමැති අතර ම පවතින්නේ විවිධ පක්ෂවල යෝජනාවලින් සමන්විත වාර්තාවක් පමණක් බවත් එය මුළු පාර්ලිමේන්තුවේම අඳහස නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වාර්තාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු ම දේශපාලන පක්ෂ යෝජනා ඇතුළත් කොටට ඇති බවත් මෙම වාර්තාව අනුව ඉදිරියේ දී කෙටුම්පතක් සකස් කළ යුතු අතර ම එම අවස්ථාවේ දී මහානායකහිමිවරුන් සමඟින් සාකච්ඡා කිරීම සිදුවන අතර ම මහජන අඳහස් ලබාගැනීම සඳහා ද කටයුතු කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පළාත් සභාවල බලය බෙදීයාම සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න පවතින බව තමන් පළාත් අමාත්‍ය ධුරය දැරීමේ දී තේරුම් ගිය බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා පවතින ප්‍රශ්න විසඳාගනිමින් ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවත් කීය.
     
    "මෙම අවස්ථාවේ දී ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු සෙසු පක්ෂයන් ද ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය යන මතයේ පසුවෙනවා. මීට ඉහත දී එක් පක්ෂයක් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් වන අවස්ථාවේ දී අනෙක් ප්‍රධාන පක්ෂය විරුද්ධ ව කටයුතු කළා. එබැවින් ප්‍රධාන පක්ෂ දෙකම එකම මතයක සිට කටයුතු කරන මෙම අවස්ථාව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉතාම සුදුසු වනවා. එමෙන් ම බෞද්ධාගමට ඇති ස්ථානය මෙන් ම රටේ ඒකීයභාවයට හානි නොවිය යුතුයි යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කටයුතු කරනවා" යැයි ද පැවසීය.
     
    ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වන කරුණු ඇතුළත් වාර්තාව පදනම් කරගනිමින් විවිධ අර්බුධකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බවත් මෙම ප්‍රශ්නය අන්තවාදීව කටයුතු කිරීම හරහා විසඳාගැනීමට කටයුතු කිරීම හරහා තවත් අන්තවාදී තත්ත්වයක් නිර්මාණය වීමට අවස්ථෘව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya