පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට සැලසුම් - ජාතික ආඝාත මධ්‍යස්ථානය ඉදිකිරීමට පියවර

    ඔක්තෝබර් 26, 2017

    ආඝාතය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකිරීමට නියමිත ජාතික ආඝාත මධ්‍යස්ථානයට මුල්ගල තැබීම නොවැම්බර් 11 දින සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    ලෝක ආඝාත දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අද (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.


    මුල්ලේරියාව නැඟෙනහිර කොළඹ රෝහල් පරිශ්‍රයේ දී මුල්ගල තැබීම සිදු වෙයි. ඉදිරියේ දී ප්‍රාදේශීය මට්ටමින් ආඝාත කළමනාකරණ මධ්‍යස්ථාන නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.ආඝාතය බරපතල සමාජ ප්‍රශ්නයක්.ජනතාව  දැනුවත් කෙරෙන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනවා. ඉදිරි වසර පහ තුළ ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට කටයුතු සකස් කෙරෙනවා.

    ආඝාතය වළක්වාගැනීමට අධ්‍යාත්මික සෞඛ්‍ය නංවාගැනීමට කටයුතු කළ යුතුයි. ඉදිරියේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.මේ සඳහා ජාතික අවශ්‍යතාවක් ලෙස කටයුතු කළ යුතු යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya