ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    කැලණිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තාවකාලික ගබඩාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි

    නොවැම්බර් 01, 2017
    කැලණිය ගෝනවල පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තාවකාලික ගබඩාව සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තාවන් පිළිබඳ එම සංස්ථාවේ සභාපති නිතිඥ සරත් ලියනගේ මහතා කරුණු පැහැදිලි කරයි.
     
    ඒ අනුව කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් අසමත්වීම මත හොල්සිම් සමාගම විසින් පරිසරයට හානි නොවන අයුරින් විද්‍යාත්මක තත්ත්වයන් යටතේ විනාශ කිරීමට නියමිත ඖෂධ මෙම තාවකාලික ගබඩාව තුළ තැන්පත් කර ඇත. කෝප් කමිටුව ද පසුගිය වර්ෂයේ දී මෙම ගබඩාවට පැමිණ පරීක්ෂාවක් සිදු කරන ලද්දේ ඖෂධ ජාවාරමක් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සහභාපතිවරයා පවසයි.
     
    පසුගිය දිනක සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම ගබඩාව පරීක්ෂා කර ඇත. පෞද්ගලික පිරිසක් එකතුව හොර රහසේ ලේබල් අලවා කල් ඉකුත් වූ ඖෂධ විදේශීය රටවලට යැවීමේ ජාවාරමක් මෙහි සිදු කරන බවට එම ඒකකයට ලැබුණ තොරතුරක් මත එම පරීක්ෂා කිරීම සිදු කර ඇත.
     
    මෙම තාවකාලික ගබඩාව තුළ විනාශ කිරිමට නියමිත කල් ඉකුත් වූ ඖෂධ ගබඩා කර ඇත. මිනිස් පරිභෝජනයට සුදුසු ඖෂධ කිසිවක් මෙහි ගබඩා කර නොමැත.
     
    නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදිමට නියමිත ශල්‍ය උපකරණ මෙහි එක් කොටසක ගබඩා කර ඇත. එම ශල්‍ය උපකරණ ගබඩා කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට ප්‍රථම එම උපකරණවල තිබිය යුතු ලේබල ඇලවීම සඳහායි. එම ලේබලවල රාජ්‍ය ලාංඡනය, කාණ්ඩ අංකය, කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය ඇතුලත් විය යුතුය. විදේශීය රටවලින් ආනයනය කරන ශල්‍ය උපකරණවල එම ලේබල නිසි පරිදි අලවා ඇත. නමුත් හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගන්නා ශල්‍ය උපකරණවල මෙම ලේබල ඇලවීම මෙහි දී සිදු කරනු ලබයි. එම ලේබල ඇලවිම ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. එලෙස ලේබල ඇලවිමක් සිදු කරනු ලබන්නේ අවභාවිත වීම වැළැක්වීමටය. තව ද එම උපකරණවල ආරක්ෂාවටය. එම ලේබල ඇලවීම ද දෛනිකව සිදු නොකරනු ලබයි. මෙම ගබඩාව තුළ ඇති ශල්‍ය උපකරණවල නිවැරදි ගණනයක් ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කර ඇත. එම නිසා මෙම ගබඩාව තුළ වංචනික හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිදු නොවන බව අවධාරණය කළ යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya