ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට ඇමැති අත්සන් තබයි

    නොවැම්බර් 01, 2017
    පළාත් පාලන සංශෝධන පනත යටතේ ඒ ඒ පළාත් පාලන ආයතනවලට පත් කරනු ලැබිය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව නිශ්චය කෙරෙන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද (01) අත්සන් තැබීය. 
     
    මෙම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත කඩිනමින් යවන බවද ගැසට් නිවේදනය අත්සන් තැබීමෙන් පසු සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසීය.
     
    දේශපාලන පක්ෂවලින් ලැබුණු ඉල්ලීම් අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභාව, නුවරඑළිය, කොටගල හා ආගරපතන යනුවෙන් ප්‍රාදේශීය සභා 03කට වෙන් කෙරෙන අතර අඹගමුව ප්‍රාදේශීය සභාව අඹගමුව, මස්කෙළිය හා නෝර්වුඩ් වශයෙන් ප්‍රාදේශීය සභා 03කට වෙන් කෙරෙන බවද මෙහිදී සඳහන් කළ මුස්තාපා මහතා මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැති තමා විසින් ලබාගත් බවද කීය.
     
    මෙයට අදාළ ප්‍රාද්ශීය සභා සංස්ථාපිත ගැසට් නිවේදනය වහාම නිකුත් කිරීමට අවශ්‍ය විධිවිධාන මේ වන විට සකසමින් පවතී.
     
    මේ හැර පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ 2017 අංක 16 දරණ පළාත් පාන ආයතන ඡන්ද විමසීම් (සංශෝධිත) පනත් කෙටුම්පතේ සිංහල පිටපතෙහි එහි 65 (ආ) වගන්තිය සදොස් ලෙස පරිවර්තනය වී ඇති බැවින් එය නිවැරදි කිරීම සඳහා තවත් සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔක්තෝම්බර් 24දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබුණු බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    මෙහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් මුස්තාපා මහතා මෙම සංශෝධන මැතිවරණ කොමිසමේ නාම යෝජනා ක්‍රියාවලියට බලනොපාන බැවින් මැතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීමට කිසිදු හේතුවෙන් නොමැති බවද කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya