ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් එයි වෙළෙඳපොලේ සහල් හිඟයක් නැහැ - ඇමති බදියුදීන්

    නොවැම්බර් 07, 2017

    පසුගිය සතියේදී ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් මිලියන 1,360ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

    එළඹෙන දෙසැම්බර් මාසය ආරම්භ වන විට තවත් නාඩු සහල් මෙට්‍රික් ටොන් 50,000ක් සම්බා සහල් මෙට්‍රික් ටොන් 30,000ක් , සුදු කැකුළු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන බවත්, වෙළෙඳ පොළේ කිසිදු සහල් හිගයක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

     

    දේශීය සහල් මිල ඉහළ මට්ටමක පැවතියද උසස් තත්ත්වයේ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රු. 65 කටද නාඩු සහල් කිලෝවක් රු. 74කටද, සම්බා සහල් කිලෝවක් රු. 78 කට ද ලංකා සතොස අලෙවි කරන බවත් අමාත්‍යවරයා පවසයි.

     

    සහල් මිල ඉහළ මට්ටමක පවතින බවට මතයක් පැවතියද එසේ ඉහළ මිලක් පවතින්නේ දේශිය සහල් වල පමණක් බවත් උසස් තත්ත්වයේ ආනයනික සහල් ඉහත මිල ගණන්වලට ලංකා සතොස හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින්, මිලදී ගත හැකි බවද බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya