ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි

    නොවැම්බර් 09, 2017

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු සහ නැගෙනහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැකිය.

     

    සමහර ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමු, දකුණ සහ ඌව පළාත්වල පැය 24 ක් තුළ මි.මී.75 - 100 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව ද වැඩිදුරටත් එම දොපර්තමේන්තුව පෙන්වා දෙයි.

     

    ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya