ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට ගිගිරුම් සහිත වැසි

    නොවැම්බර් 10, 2017

    දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ උතුරු අර්ධයේ වැසි සහ අහස වලාකුලින් බරව පවති යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකිය.

     

    උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සමහර ස්ථානවල (මි.මී.100 වැඩි) තද වැසි ද ඇති විය හැකිය.

     

    ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya