ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ජාතික අක්ෂි රෝහලේ සංවර්ධන කටයුතු 2020දී අවසන්

    නොවැම්බර් 13, 2017

    ජාතික අක්ෂි රෝහල සංවර්ධන කටයුතු 2020 වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්  අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේදී එය කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩුකරන බව ද පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී මධුවන්ති දිසානායක මහත්මිය ඇතුලු වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya