ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානවලට උපකරණ බෙදාදීම අද

    නොවැම්බර් 14, 2017

    ප්‍රාථමික අධ්‍යාපනයට නව මුහුණුවරක් ලබා දෙමින් සංවර්ධන කිරීමේ අරමුණින් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සඳහා උපකරණ බෙදා දීම  අද (13) සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අධ්‍යාපනය සකස් කිරීම සහ පාසල් පද්ධතියේ පවතින අසමානතා දුරලමින් සියලු දරුවන්ට සමාන අධ්‍යාපනය ලබාදීම මූලික අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම මත ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

     

     මෙම වැඩසටහන යටතේ ඉදි කෙරෙන ප්‍රාථමික අධ්‍යාපන ඉඟෙනුම් සම්පත් මධ්‍යස්ථානය තනි මහල් ,දෙමහල් ගොඩනැඟිලි ලෙස ඉදිකෙරේ.

     

    පන්ති කාමරය තුළ හෝ පන්ති කාමරයෙන් පිටත බාහිර පරිසරයේ සිදු කිරීමට නොහැකි ක්‍රියාකාරකම් ඉටු කිරීම වෙනුවෙන් “ක්‍රියා කාරකම් කාමරය” නමින් කාමරයක් නිර්මාණය කර ඇති අතර එය සුදුසු පරිදි තාක්ෂණය භාවිතා කරමින් ආකර්ෂණීය ලෙස සකස් කර ඇත.

     

    එමෙන්ම ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන්ගේ කියවීමේ රුචිය වැඩිදියුණු වන පරිදි හා සිසුන් “කියවීම් කාමරය” සකස් කර ඇත. දරුවන් කියවීමට ආකර්ෂණීය වන ආකාරයෙන් කියවීම් කාමරය ද පවත්වා ගෙන යනු ඇත. මීට අමතරව පාසලේ අවශ්‍යතාවය අනුව භාවිතාවට ගත හැකි අකාරයේ තවත් කාමරයක්ද මෙම ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන තුළ අන්තර්ගත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya