ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් CID පරීක්ෂණයක් - අමාත්‍ය අර්ජුන

    නොවැම්බර් 20, 2017
    නැවතත් තෙල් හිඟයක් ඇති බවට කෙටි පණිවුඩ හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ( 20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
    එමෙන් ම යම් ස්ථානයක හෝ දෙකක ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීම් දක්නට ලැබුණු පමණින් මාධ්‍ය හරහා වාර්තා නොකරන ලෙසත් එවැනි මහජනතාවට සමීප කරුණු සම්බන්ධයෙන් වගිකීමෙන් යුතු ව මාධ්‍ය වාර්තා කරණයේ යෙදෙන ලෙසත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.
     
    මේ වන විට  ඉදිරි සති දෙකක තුනක පමණ කාලයක් සඳහා අවශ්‍ය ඩීසල්, පෙට්ට්‍රල් හා භූමිතෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඉදිරියේ දී තෙල් ගබඩාවන් අලුතින් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් පෙන්වාදුන්නේය.
     
    එමෙන් ම මේ වන විට යම් තෙල් නැවක් පිටත්වීමේ දී තෙල් සාම්පලයන් කූරියර් මාර්ගයෙන් ලංකාවට ගෙන්වාගනිමින් තෙල් නැව ලංකාවට පැමිණීමට පෙර ම සාම්පල් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් වර්තමානයේ දී පවතින තෙල් ව්‍යාපාරික මාෆියාව වෙනස්කරමින් ආයතනයට මෙන් ම මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවත් කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya