ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ගිගිරුම් සහිත වැසි

    නොවැම්බර් 24, 2017

    ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    දිවයින පුරා අහස වළාකුලින් බරව පවතන අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයේ දැක්වේ.

     

    ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya