ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    නිල්වලා, කළු හා ගිං ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්වයක්

    නොවැම්බර් 30, 2017

    ගත වූ පැය 24 තුල පැවැති අධික වර්ෂාව නිසා නිල්වලා ගග, කළු ගග හා ගිං ගගේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

    එබැවින් මේ පිළිබඳ අවධානයෙන් පසුවනලෙස එම දෙපාර්තමේන්තුව මෙම ගංගා අවට පදිංචිව සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර නිල්වලා ගඟ හා ගිං ගගෙ හි ස්ථාන කිහිපයක් පිටාර මට්ටමට ළගාවෙමින් පවතින අතර නිල්වලා ගගේ පිටබැද්දර, පානදුගම හා සපුගොඩ ජල මිනුම් ස්ථාන ද තවලම ජල මිනුම් ස්ථානය ද ජලයෙන් යටවී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ පී. හෙට්ටිආරච්චි මහතා පවසයි.

    කෙසේ වුව ද පවතින වර්ෂාපතනය හා ගංගාවල පවතින ජල මට්ටම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරතුරුවම අවධානයෙන් සිටින බවත් ගංවතුර අවදානමක් ඇති වුවහොත් කල්වේලා ඇතිව දැනුම් දෙන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya