ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    දළ ඇතුන් මරා දැමීම ගැන CID පරීක්ෂණයක්

    නොවැම්බර් 30, 2017
    පසුගිය දිනවල දී වාර්තා වූ දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්න යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන ) සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කොට ඇත.
     
    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි කීපයක් පසුගිය දින කිහිපය පුරා වාර්තා වූ අතර ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති දළ ඇතාගේ දළ යුගල පසුගියදා පොල්පිතිගම ප්‍රදේශෙයේ දී අත්අඩංගුවට ගනු ලැබු බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා එම ඇතාගේ සිරුර ද කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ තිබී හමු වී ඇති අතර ම තබ්බෝව රක්ෂිත මායිමේ දී තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබූ බවත් කතරගම ප්‍රදේශයේ දී  ගසක බැඳ දමා සිටි වන අලි පැටවෙකු සොයාගැනීමට පොලීසියට හැකිවු බවත් පෙන්වාදෙයි.
     
    එම කරුණු සියල්ල සලකා බලා දළ ඇතුන් මරාදැමීම සහ වන අලි ජාවාරම පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  මහතාට නියෝග කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya