ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සුළි කුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කරයි

    දෙසැම්බර් 02, 2017

    දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ( OCKHI) සුළි කුණාටුව දිවයිනට කිලෝමීටර් 850 පමණ දුරින් පවති බවත් එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කෙරේ.

     

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    සෙසු ප්‍රදේශවල ද විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථානවලට (මි.මි. 50-75) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවේ යැයි අපේක්ෂා කෙරේ.

    බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින්විට හමන (පැ.කි.මී. 50 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු වියහැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya