ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ආපදා තත්ත්වයට මුහුණ දීමට පොලීසිය සීරුවෙන්

    දෙසැම්බර් 02, 2017

    අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

    එසේම ආපදාවට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා විසින් වැඩබලන
    පොලිස්පතිවරයාට නියෝග කළේය.

    පවතින ආපදා තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අද පස්වරුවේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඊට නීතිය හා සාමය සහ දක්ෂිණ
    සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ,ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමතිවරුන්ද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී වූහ.

    දැනට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන ලබා දීම , ඉදිරි දිනවලදී යළි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳවද එම රැස්වීමේ දී සාකච්ඡා කරනු ලැබිණ.

     
    එසේම ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තර්ජන අවම කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර මේ වන විට ජල මට්ටම ඉහළයමින් පවතින නිල්වලා, ගිං, කළු ගඟ ඇතුළු ගංගාවල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්වලදී හානි අවම කිරීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබිණ. ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya