ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ සුව ඇමැති හමුවෙති

    දෙසැම්බර් 05, 2017

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර අද (05) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි.

    මෙහිදී බන්ධනාගාර සෞඛ්‍ය සේවාව සහ මානසික සෞඛ්‍ය සේවාව පිළිබදව සාකච්ඡා කරන ලදි.

     

    මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදය, බන්ධනාගාර ගතවන රැදවූවන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේද සහ පුනරුත්ථාපනය කිරිම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කළ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඒ පිළිබදව කරුණු පැහැදිලි කරන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සතුටට පත් එම කමිටු සාමාජිකයින් ඒ පිළිබදව වාර්තාවක් සකස් කිරීමට ද නියමිතය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya