ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    පරිසර හිතකාමී කර්මාන්තකරුවන්ට මිලියන 30ක් දක්වා ණය

    දෙසැම්බර් 06, 2017

    පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරිකයන්ට මිලියන 30ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පැවැසීය.

    අමාත්‍යරවරයා මේ බව ප්‍රකාශ කළේ අද (6) ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවැති පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

     

    එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අසෝක මහතා ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, එන්.ඩී.බී බැංකුව, සෙලාන් බැංකුව, එල්.ඕ.එල්.සී. රක්ෂණ ආයතනය හා පීපල්ස් ලීසිං යන ආයතනවල නිළධාරීන් සමඟ මේ පිළිබඳ අදාළ ගිවිසුම අත්සන් කළේය.

     

    ජාතික පරිසර හිතකාමි නියමයන්ට අනුව කර්මාන්ත විසින් තම නිෂ්පාදන ක්‍රියාවලිය සවිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය ණය ව්‍යාපාරිකයන්ට ඉහත බැංකු හා ආයතන යටතේ‍ ලබාගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

     

    මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් සීතා සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya