මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය, අධ්‍යාපන හා දුම්රිය සංවෘත සේවා වෙයි

    දෙසැම්බර් 13, 2017
    සෞඛ්‍ය, අධ්‍යාපන හා දුම්රිය යන සේවාවන් සංවෘත සේවාවන් බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    විශේෂ කාර්යය භාර්ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් අනුකමිටුව දුම්රිය සේවයට අදාළ වෘත්තීය සමිති හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත් ඉදිරියේ දී ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් වන ගැටලු විසඳීමට කටයුතු කරන බවත් කී අමාත්‍යවරයා මෙම සේවාවන් සංවෘත සේවාවන් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ඇති ගැටලු විසඳීමට පහසුවන බවත් පෙන්වා දුනි.
     
    2006 (1) චක්‍රලේඛය මගින් රාජ්‍ය සේවයේ එවකට පැවති වැටුප් තල 132ක ප්‍රමාණය 34ක් දක්වා අඩුකිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි ප්‍රශ්න ඇති ව ඇතැයි ද පෙන්වාදුන් රාජිත සේනාරත්න මහතා සංවෘත සේවාවන් බවට පත්කිරීමෙන් අනතුරුව එක් සේවාවක වැටුප් වැඩිකිරීමේ දී අනෙක් සේවාවන් සඳහා එවැනි ආකාරයක ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් හිමිනොවන බවත් පෙන්වාදුනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya