ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අහස වළාකුලින් බරවෙයි- වැසි සහිත කාලගුණයක්

    දෙසැම්බර් 21, 2017

    දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    උතුරු, උතුරුමැද,නැගෙනහිර,දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. සෙසු පළාත්වල තැනින් තැන විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. නැගෙනහිර,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල(මි.මි.75ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැක.

    උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට,මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya