ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සර්ප දෂ්ඨනයකින් පසු ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යන්න-වියළි කලාපයේ සර්ප විෂ ඉහළ යෑම වැඩියි

    දෙසැම්බර් 23, 2017

    සර්ප දෂ්ඨනයකින් පසු ප්‍රතිවිෂ ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රජයේ රෝහල් වෙත යන ලෙස නිර්දේශ කරන බව ආචාර්ය අනුරාධනී කස්තුරිරත්න මහත්මිය පවසයි.

    කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට පසුගිය දා එක්වෙමින් අනුරාධනී කස්තුරිරත්න මහත්මිය මේ බව සඳහන් කළාය.

    සර්ප දෂ්ඨනයක දී ප්‍රතිකාර ලබාගැනීම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් තිබෙනවා. සර්ප දර්ෂ්ඨනයක දී විෂවීමේ ලක්ෂණ පහළ වෙනවා නම් රෝහලක් වෙත යොමු වීම වැදගත්.පර්යේෂණයේ ප්‍රතිඵල අනුව සියයට
    70%ක් රෝගීන් ප්‍රතිකාර ලබාගෙන තිබෙන්නේ බටහිර ප්‍රතිකාරයි.

    රෝහල් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනය වසරකරට 40,000ක් පමණ මරණ 200ක් පමණ. එහෙත් පර්යේෂණයේ දී එම අගයන් වෙනස් වෙනවා.පළාත් නවයක් ආවනය වන පරිදි ජනගහනයෙන් සියයට එකක
    සම්පලයක් පර්යේෂණයට යොදා ගත්තා.

    විශේෂයෙන් වියළි කලාපයේ සර්ප දෂ්ඨනය වැඩියි.එහෙත් තෙත් කලාපයේ සර්ප දෂ්ඨනය ඉහළයි. එහෙත් විෂවීම වැඩියෙන් වාර්තා වෙන්නේ වියළි කලාපයෙන්.

    පර්යේෂණයට අනුව සර්ප දෂ්ඨනයට වැඩියෙන් ලක්වන්නේ තරුණ කණ්ඩායම, ගොවිතැන් කරන ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පිරිස්.ඒ නිසා මේ තත්ත්වය ආඅර්ථිකයට සෘජු ලෙස බලපානවා යැයි ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya