ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    මෙරට තේ සඳහා රුසියාව විසින් පනවා තිබු තේ තහනම ඉවතට

    දෙසැම්බර් 26, 2017
     
    මෙරට තේ සඳහා තාවකාලිකව රුසියාව විසින් පනවා තිබූ තහනම මෙම මස 30 වන දා සිට ඉවත්කිරීමට රුසියානු රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
     
    මෙරට තේ නිෂ්පාදන මිලදී ගන්නා ප්‍රධානතම රටක් ව රුසියාවට යැවූ බහාලුමක කප්රා නැමැති කෘමියකු සිටි බව කියමින් රුසියානු රජය පසුගිය 18 දා සිට ශ්‍රී ලංකාවේ තේ සඳහා මාස 6 ක තාවකාලික තහනමක් පැනවු අතර ඒ සම්බන්ධයෙන් පළමුව තානාපති කාර්යාලය හරහා සාකච්ඡා පවත්වා රුසියානු බලාධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබුණි.
     
    එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව, තේ මණ්ඩලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නව දෙනෙකු ගෙන් යුතු ශ්‍රී ලාංකීය තාක්ෂණික කමිටුවක් රුසියානු රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා පිටත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තේ තහනම ඉවත් කර ගැනීමට හැකි විය.
     
    විශේෂයෙන් ම ඉදිරියේ දී ශ්‍රී ලාංකීය තේ අපනයනය කිරීමේ දී ''සිලෝන් ටී'' නාමයට හානි නොවීම සඳහා තේ වල ගුණාත්මකභාවය මෙන්ම පිරිසිදුභාවය පිළිබඳව කටයුතු කිරීමට පියවර ගන්නා බවත්  එසේම මෙම කණ්ඩායම විසින් එරට ශ්‍රී ලාංකීය තේ ගබඩා නිරීක්ෂණය කළ අතර තවදුරටත් මෙරට තේ ගබඩාවන්හි පිරිසිදුභාවය පිළිබඳ ද ඉතාමත් සැලකිළිමත් වීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya