ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන ලංකාව ඉදිරියෙන් - ඇමති සාගල කියයි

    දෙසැම්බර් 26, 2017
     
    සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 
     
    එමෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව තවත් තහවුරු කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 2017 අයවැය යෝජනා අනුව සංචාරක පොලීසියට යතුරු පැදි සහ බීච් රෝවර් රථ ලබා දීම වෙනුවෙන් නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේ දී අද ( 26 ) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
     
    එම අවස්ථාවේ දී සංචාරක පොලීසිය වෙත ට්‍රේල් වර්ගයේ යතුරු පැදි 18 ක්, සාමාන්‍ය යතුරු පැදි 02 ක් සහ බීච් රෝවර් රථ 04 ක් ලබා දුනි.එම රථවාහන පොලිස් රථවාහන කොට්ටාසයටත්, සීගිරිය, අරුගම්බේ, අනුරාධපුර, මීගමුව, මොරගල්ල, පොළාන්නරුව, පාසිකුඩා, නාරිගම සහ මහනුවර යන සංචාරක පොලිස් මුරපොලවලටත් බොදා දෙන ලදී.
     
    මෙම කාර්යය සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂි අවස්ථාවක් වන අතර මේ සඳහා රුපියල් මිලියන 50 ක් අමාත්‍යාංශයෙන් ලැබුණු බවත් ලබන වසරේ දී තවත් රුපියල් මිලියන 50 ක් සංචාරක පොලීසියට ලබාදීමට කටයුතු කරන බවත්  සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya