ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    හීමෝෆීලියා දරුවන්ගේ ඖෂධ ගබඩා කිරීමට කුඩා ශීතකරණ

    දෙසැම්බර් 26, 2017

    හීමෝෆීලියා රෝගයට ගොදුරුව සිටින දරුවන් 73 කට සිය ඖෂධ ගබඩා කර තබා ගැනීම සඳහා කුඩා ප්‍රමාණයේ ශීතකරණ 73 ක් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.

    කොළඹ රොටරි සමාජය සහ NDB බැංකුව ඊට මුල්‍යාධාර ලබාදී ඇත.

    ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 15 කි.

    මෙවැනි ශීතකරණ ලබාදීමෙන් හීමෝෆීලියා දරුවන්ට විශාල සහනයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ‍

    මෙම අවස්ථාවට කොළඹ රොටරි සමාජයේ අධිපති පුජ්‍ය බදගිරියේ සෝමවංශ නාහිමි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, හීමෝෆීලියා සංගමයේ සභාපති ජී.බී ගොඩමුන්න මහතා, රොටරි සමාජය වෙනුවෙන් පුබුදු ද සොයිසා මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya