ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සියයට 45.9ක වර්ධනයක්- මෙට්‍රික් ටොන් 18,262ක මත්ෂ්‍ය අස්වැන්නක් යුරෝපා සංගමයට අයත් රටවලට

    දෙසැම්බර් 30, 2017

    2017 නොවැම්බර් මස අග වන විට ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    යුරෝපා සංගමය විසින් එම සංගමයට අයත් රටවලට මෙරට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබු තහනම ඉවත් කරන ලද්දේ 2016 ජුනි මස 22 දිනයි.

    එතෙක් 2015 ජනවාරි සිට වසර එකහමාරක කාලයක් තහනම බලපැවැත්වු අතර, එමගින් රුපියල් කෝටි 1800ක පාඩුවක් රටට සිදුවිය. නමුත් වර්තමාන රජය බලයට පත්වීමත් සමගම යුරෝපා සංගමය සමග කරන සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් 2016 වසරේ ජුනි මාසයේ දී යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරනු ලැබීය.

    එතැන් සිට නැවතත් යුරෝපා සංගමයට අයත් රටවලට මෙරට මසුන් අපනයනය කිරීම ඇරඹුනු අතර 2017 අවසන් වන විට එහි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී තිබේ.

    ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262කි. එහි සමස්ත වටිනාකම රු. මි. 28,685කි. පසුගිය වසරේ අදාල කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි. එය මේ වසරේ කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් බව නිලධාරිහු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

    යුරෝපා සංගමයේ අනුමැතිය ලත් අපනයන පිරිසැකසුම් මධ්‍යස්ථාන 33ක් ඇතුළු සමස්ත පිරිසැකසුම් මධ්‍යස්ථාන 52ක් හා ඇසුරුම් මධ්‍යස්ථාන 16ක දායකත්වය මත මත්ස්‍ය අපනයනය උදෙසා කටයුතු කරන අතර ගුණාත්මකභාවයෙන් ඉහළ මසුන් ශ්‍රී ලංකාව මගින් අපනයනය කෙරෙන නිසා එම තත්ත්වය විනාශ කර නොගෙන ඉදිරියටත් කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya